Monday, May 6, 2024

රුසියාව හමුදාව යුක්‍රේන දේශසීමාවෙන් තවම ඉවත්ව නැහැ – ඇමරිකාව

යුක්‍රේන දේශසීමාවෙන් හමුදා ඉවත් කරන බවට රුසියාව කරන ප්‍රකාශය “අසත්‍ය” බව එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් බිබිසී පුවත් සේවය සඳහන් කරනවා.

රුසියාවට ඕනෑම මොහොතක යුක්‍රේනය ආක්‍රමණය කිරීම සඳහා හැකියාවක් ඇති බවද එම නිලධාරියා සඳහන් කරන බවයි පැවසෙන්නේ.

මේ අතර යුද අභ්‍යාස නිමවීමෙන් පසු යුක්‍රේන දේශසීමාවෙන් හමුදා ඉවත් කරන බව මොස්කව් පවසා තිබෙනවා

එහෙත් බටහිර රටවල නිලධාරීන් පවසන්නේ එම ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් තමන් නොදුටු බවයි.

දේශසීමා ආසන්නයේ හමුදා භටයන් 100,000කට වඩා වැඩි ප්‍රමාණයක් රැස් කරගෙන සිටියද, යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සැලසුම් කිරීම නැවත නැවතත් ප්‍රතික්ෂේප රුසියාව ප්‍රතික්ෂේප කරනවා.

නමුත් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට අනුව, පසුගිය දින කිහිපය තුළ තවත් දහස් ගණනක් භට පිරිසක් එම ප්‍රදේශයට පැමිණ ඇති බවයි පැවසෙන්නේ
යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky BBC වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙන්නේ “අපි තවමත් හමුදා ඉවත් කිරීමක් දකින්නේ නැහැ, අපට ඒ ගැන ආරංචි වුණා විතරයි.” යනුවෙනුයි.

රුසියාවට එදිනම යුක්‍රේනයට පහර දිය හැකි බවට එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තාවලට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති සෙලෙන්ස්කි දේශප්‍රේමී නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර යුක්‍රේනයේ පවතින භීතිය හිස්ටීරියාවක් බව රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles