Monday, May 6, 2024

ලාංකිකයන්ගේ සාමාන්‍ය ආයු කාලය අඩුවෙයි

ශ්‍රී ලාංකික වැසියන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 77ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත් ම සමීක්ෂණ වාර්තා මඟින් හෙළිවේ.

ශ්‍රී ලංකාවේ වැඩි ම සාමාන්‍ය ආයු අපේක්ෂාව කාන්තාවන් සඳහා අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය අවුරුදු 81.1%ක් බවද පුරුෂයින් සඳහා වැඩිම සාමාන්‍ය ආයු අපේක්ෂාව වාර්තා වනුයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. එය අවුරුදු 74.2ක් වේ.

අප රටේ සෑම දිස්ත්‍රික්කයකට කාන්තාවන් පුරුෂයින්ට වඩා වැඩි කලක් ජීවත් වන බවද මෙමඟින් හෙළිවී තිබේ.

ශ්‍රී ලංකාවේ වැසියන් අතර අඩුම ආයු අපේක්ෂාව වාර්තා වී ඇත්තේ මුලතිව්, කිලිනොච්චි, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලිනි. කෙසේ නමුදු මෙම ආයු අපේක්ෂාවේ විචලයනට බඳුන් වන ප්‍රධාන හේතූන් අතර ජෛව විද්‍යාත්මක හේතූන් ද භූගෝලීය සාධක හා සමාජ ආර්ථික සාධක ද බලපෑ හැකි බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අයි.ආර්. බණ්ඩාර මහතා පවසයි.

පුරුෂයින් ක්‍රමවත්ව සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණවල නොයෙදීම, පුරුෂයන් කාන්තාවන්ට වඩා අනතුරු සහගත රැකියාවල නිරතවීම, මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය හා කාන්තාවන් මෙන් පුරුෂයින් මහලු වියේදි ක්‍රියාකාරී නොවීම යනාදිය අඩු ආයු අපේක්ෂාවට බලපෑ හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles