Tuesday, April 30, 2024

ලොකු ළූණු මිල වැඩි කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රී කියයි.

ලොකු ළූණු මිල වැඩි කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රී කියයි.

ලොකු ලූනු බද්ද වැඩි කරන්නැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් සහ සමුපකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ ඇමති ලසන්ත අලගියවන්න මහත්වරුන්ගෙන් ලිඛිතව ඉල්ලයි

ලංකාවේ ලොකු ළුණු වගාවට ප්‍රසිද්ධ දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු අස්වැන්න දැන් දැන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙමින් පවතී

ඒ සඳහා පසුගිය දින කිපයේ හොඳ තත්වයේ ලංකා ලොකු ළූණු සඳහා 100 – 105 ත් අතර මිලක් ලැබී තිබුණී.

ලොකු ලූනු අස්වැන්න දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට විශාල ලෙස පැමිණෙන අවස්ථාවන්වලදී ගොවීන්ගෙන් ලොකු ලූනූ

කුණු කොල්ලෙට ලබා ගෙන පසුව වැඩිමිලට විකිණීම දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ දී නිතර ම සිදුවන ක්‍රියාවලියකි.

ඒ නිසාම ලොකුලොකු ළූණු තුළින් තුළින් හටගන්නා වූ ගොවි අරගල බුල්ල ආර්ථික මධ්‍යස්ථානය මූලික කරගෙන සෑම වසරකදීම නිතර සිදුවේ.

එසේම මේ විසඳුමක් ලෙස ලොකු ලූනු අස්වැන්න නෙළන නෙලන්න ආසන්න කාලයේදී ලොකු ළූණු සඳහා රජයේ බදු මුදල වාර්ෂිකව

වැඩිකිරිම සිදු කරමින් ලොකු ලූනු ගොවීන් ආරක්ෂා කරගැනීමට විවිධ ආණ්ඩු විවිධ කාලවල දී කටයුතු කිරීම දක්නට ලැබණි.

එයද මතක් කරමින් නැවත වතාවක් ලොකු ලූනු බද්ද ඉහළ දමා ගොවින්ගේ ලොකු ලූනු අස්වැන්න ට ඉහළ මිලක් ලබා ගැනීමට අවස්ථාව

ලබා දෙන ලෙස ඉල්ලමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විල්ගමුව සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ

සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ලිපියක් ලියමින් බදු මිල වැඩි කරන ලෙස ඉල්ලා සිටී.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන් හා සහකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ ඇමති ලසන්ත අලගියවන්න

අමාත්‍යවරයාගෙන් ලොකු ලූණු ආනයන බදු මුදල් වැඩි කරණ ඉල්ලමින් වෙන වෙනම ලිපි ලියන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා

ඉල්ලා සිටින්නේ දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ වර්ෂවල දී බදු මිල වැඩි කළ බව ගොවීන් පවසන බවත්

ඒ නිසාවෙන් ගොවීන්ගේ ඉල්ලීම් සලකා මෙම ලිපිය ලියන බවත් මෙය සලකා බලා ගොවීන්ට සහන දායක ලෙස

ලොකු ළූණු ආශ්‍රිත ආනයන බදු මුදල වැඩි කිරීමට කටයුතු කරන ලෙසය.

Newspedia.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles