Sunday, May 5, 2024

වංචාව මිලියන 110ක් -ගම්මන්පිලට පාර්ලිමේන්තු බැහැ -ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

 

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාට අද (21) සිට ඉදිරි දින හතර තුළ පාර්ලිමෙන්තු සැසිවාර සඳහා සහභාගී වීමට අවසර ලබා දෙන ලෙස ඒ මහතා වෙනුවෙන් නීතිඥ මහතකු මගින් මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (20) ප්‍රතික්ෂේප කළාය.

විත්තිය වෙනුවෙන් නිතිඥ දිනේෂ් දොඩම්ගොඩ මහතා එම ඉල්ලීම සිදු කළ අතර අධිකරණ සේවා කොමිසන් සභාව මගින් වසර 2009.06.05 වනදා නිකුත් කළ අංක 320 චක්‍රෙලේකයට අනුව සෘජු නියෝගයක් නිකුත් කළ නොහැකි බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය එය බන්ධනාගාර අධිකාරිවරයාගේ අවධානයට යොමු කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනි සිටි නිතිඥ දිනේෂ් දොම්ගොඩ මහතාට දන්වා සිටියාය.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අයෙකුට විශේෂ ආරක්ෂාවක් ලබා දීම සහ වෛද්‍ය හේතුන් මත වෛද්‍යවරයාට යොමු කිරීමට අධිකරණයට හැකි බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය වෙනත් ස්ථානවලට ගෙන යාමේදී බන්ධනාගාර අධිකාරිවරයාගේ අභිමතය පරිදි ක්‍රියා කළ හැකි බව කියා සිටියාය.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රෙලියානු සමාගමක බ්‍රයන් ෂෙඩික් නැමැති විදේශීකයාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් වංචා කර ඇති බවට පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාට සහ ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ නොහොත් සිඩ්නි ජයසිංහ නැමැති අයට එරෙහිව චෝදනා ගොනු කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සැකරුවන් පසුගිය 18 වනදා කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනුසරු ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ලබන ජුලි 01 දා දක්වා රක්ෂිතභාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles