Sunday, May 19, 2024

වන්දි කඩිනම් කරන්න කොස්‌ගම ගිය අගමැති නිලධාරීන්ට කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් විනාශ වූ දේපළ හා අවතැන් පිරිස්‌ පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (12 වැනිදා) එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මෙහිදී ප්‍රදේශයේ හානියට පත් දේපළ නිරීක්‍ෂණය කළ අගමැතිවරයා විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන බවට පොරොන්දු විය.

නිවාස ඉදිකර දීම සහ වන්දි ලබා දීම ඇතුළු සියලු කටයුතු කඩිනම් කරන ලෙසද මෙහිදී අගමැතිවරයා අදාළ නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.

ආණ්‌ඩුවට මේ වැඩ කරන්නට මුදල් ප්‍රමාණවත් නොවන බවට කියන කතාව බොරුවක්‌ බවද එහිදී ජනතාව අමතමින් වැඩිදුරටත් කී අගමැතිවරයා ආණ්‌ඩුවට දැනට තිබෙන මුදල් ප්‍රමාණවත් බවත්, සාලාව සිද්ධිය නිසා ආණ්‌ඩුවේ අනෙකුත් කටයුතු නතර කිරීමට වුවමනා නැති බවද සඳහන් කළේය.

ඇමැතිවරුන්ට වාහන ගැනීම තාවකාලිකව නතර කරන ලෙස තමන් දැනුම් දුන් බවද අගමැතිවරයා එහිදී ජනතාවට කරුණු දක්‌වමින් සඳහන් කළේය.

මේ අතර බොරළුගොඩ වර්ධනාරාම විහාරස්‌ථානයේ රැඳී සිටින ජනතාව හමුවූ අගමැතිවරයා, ජාති, ආගම්, කුල, පක්‍ෂ භේදයකින් තොරව විපතට පත් සියලු ජනතාවට එක හා සමානව ආධාර උපකාර කරන බවත් නිවාස අහිමි වූ සියලු දෙනාට ලබන අඟහරුවාදා සිට රුපියල් 50,000 ක මුදලක්‌ රජය විසින් ලබා දීමට කටයුතු කරන බවත් කීය.

මෙතෙක්‌ මෙම ප්‍රදේශයේ වසා තිබූ පාසල් අද (13 දා) සිට ආරම්භ කරන බවද අඟහරුවාදා සිට සාලාව රෝහලේ වැඩකටයුතු ආරම්භ කරන බවද කී අගමැතිවරයා ඉදිරියේදී පෙර තිබූ ජීවන තත්ත්වයට වඩා උසස්‌ තත්ත්වයක්‌ මෙම ජනතාවට ඇති කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.

රවි කරුණානායක, අනුර ප්‍රිsයදර්ශන යාපා යන ඇමැතිවරුද මෙම අවස්‌ථාවට එක්‌විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles