වනිදුගේ මංගල තරගයේ දී RCB පිලට දරුණු පරාජයක්

0
373

ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ජය හිමිවිය.

ඔවුන් අතින් පරාජයට පත්වූයේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි. තරගය පැවැත්වුණේ අහමදාබාද්හිදී. මුලින් පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 123ක් රැස් කළේය.

මයානික් අගර්වාල් ලකුනු 31යි. ක්‍රිස් ජෝදන් 30යි. පන්දු යැවීමේදී ප්‍රසීද් ක්‍රිෂ්ණා කඩුලු 3ක් බිඳහෙලීය. සුනිල් නරීන් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ආරම්භ කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 126ක් රැස් කරමින් තරගයේ ජය හිමිකර ගැනිමට සමත්විය.

ඉයොඉන් මෝගන් නොදැවී  ලකුණු 47ක් රැස් කළ අතර රාහුල් ත්‍රිපති ලකුණු 41යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here