Sunday, May 19, 2024

වාර්තා පොත් අලුත් කරමින් මවිබිම රනින් සැරසූ ශෙනුකි දිශාල්‍යා

තුර්කියේ – ඉස්තාන්බුල් හිදී පැවැත්වෙන Asian classic – Equipped Bench Press and Powerlifting Championships හි කිලෝ ග්‍රෑම් 47 kg බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා සමත් වී තිබේ.

එහිදී Dead Lift, Bench Press, Squat යන තරග ඉසව් 03 සඳහා ම රන් පදක්කම් දිනා ගනිමින් සමස්ත ශූරතාවට හිමි රන් පදක්කම ද ඇය විසින් දිනා ගෙන තිබේ.

එම සුවිශේෂි ජයග්‍රහණය සමඟ ම ඇය මෙතෙක් දැරූ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද ඇය විසින්ම බිඳ හෙලනු ලැබුවා.

තුර්කි සවි එසවීමේ සම්මේලනයේ සහයෝගය ඇති ව ආසියානු සවි එසවීමේ සම්මේලනය මඟින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

රටවල් 19ක් සහභාගිත්වයෙන් දෙසැම්බර් මස 24-30 දින දක්වා තුර්කියේ දී මෙම ආසියානු සවි එසවීමේ ශූරතාවලිය පැවැත්වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles