Wednesday, May 15, 2024

වැඩි වැඩ කළොත් ලෙඩ ගොඩ වෙයි

සතියකට පැය 40කට වඩා වැඩියෙන් වසර තිහක් සේවයේ නියුතු වන්නන්ට පිළිකා, දියවැඩියාව, හෘද රෝග සහ ආතරයිටිස් වැලඳීමේ වැඩි අවදානමක් ඇති බව ඔහියෝ විශ්වවිද්‍යාලයේ වසර 32ක පර්යේෂණවලින් හෙළි වී තිබේ.

පැය 60කට වඩා අධික කාලයක් රාජකාරියේ නියුතු වන්නන්ට මේ අවදානම තුන් ගුණයකින් වැඩි වන බව ද එම පර්යේෂණයෙන් හෙළිව ඇත.

මේ පර්යේෂණවල මුල් භාගයේදී හෙළි වී ඇත්තේ වැඩි කාලයක් වැඩ කිරීම ආතතිය, නිදිමත සහ ජීර්ණ අපහසුතා ඇති කරන බවයි. විවිධ වෘත්තීන්හි යෙදෙන 75000 ක පිරිසක් යොදා ගනිමින් කළ මේ පර්යේෂණයේදී අනාවරණය වූ තවත් කරුණක් වන්නේ මේ අවදානම වැඩි වශයෙන් බලපවත්වන්නේ, කාන්තාවන්ට බවයි.

නිවෙසේ සියලු කටයුතු ද බොහෝ විට සිදු වන්නේ කාන්තාවන් අතින් නිසා, වැඩි කාලයක් කාර්යාලයේ ද සේවය කළ විට පිරිමින්ට වඩා මෙසේ රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඔවුන්ට ඇති බව පවසන වාර්තාව මේ වන විට ‘ඔකියුපේෂනල් ඇන්ඩ් එන්ටයමන්ටල් මෙඩිසීන්’ සඟරාවේ පළ කිරීමට එම විශ්ව විද්‍යාලය කටයුතු යොදා ඇත.අරුණි මුතුමලී-සිළුමිණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles