Thursday, May 2, 2024

විනිසුරුවරුන්ගේ ආරක්ෂාව තර කරන ලෙස ජනපතිගෙන් නියෝග

විනිසුරු වරුන් සඳහා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති වරයාට නියෝග කොට ඇත.

යාපනය මහාඅධිකරණ විනිසුරු එම්.ඉලංගචේලියන් මහතාගේ ආරක්ෂාව පිණිස සිටි පොලිස් සැරයන් වරයෙකු මරුමුවට පත් ව කොස්තාපල් වරයෙකු තුවාල ලැබීම මුල් කොට මෙම නියෝගය පනවා ඇත.

අධිකරණයේ ස්වාධීනත්වය සඳහා විනිසුරුවරුන්ගේ ආරක්ෂාව අතිශයින් වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

අධිකරණ විනිසුරුවරුන්ගේ සහ අධිකරණයේ ආරක්ෂාව මීට වඩා තහවුරු විය යුතු බව රජයට පෙන්වා දෙමින් උතුරු පළාතේ නීතිඥවරු අද අධිකරණ කටයුතු වලින් ඉවත් සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles