Friday, May 17, 2024

ශ්‍රී ලංකා එංගලන්ත පළමු තරඟයේ ළකුණු සමවෙයි…

ලංකා කණ්ඩායාම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින තරඟය ඊයේ පැවැත් වුණා. ඒ, නොටින්ග්හැම් හී පිහිටි ටේ්‍රන් බ්‍රිඡ් ක්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක පළමුවට පන්ඳුවට පහර දීමට ලංකාවට ආරාධනා කළා. එංගලන්ත පන්ඳු යවන්නන්ට දැඩි බලපෑම එල්ල කරමින් ලංකා කණ්ඩායමට හොඳ ලකුණු ප්‍රමාණයක් රැස් කර ගත්තා.

ඒ අනුව ලංකාව පන්දු වාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 286ක් රැස් කළා. නායක ඇන්ජෙලෝ මැතිව්ස් වැඩිම ලකුණු ලාභියා වශයෙන් ලකුණු 73ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායමත් සුවිශේෂී ලෙස පන්ඳු වාර 50 අවසානයේ ලකුණු 286ක්ම ලබා ගැනීමට සමත් වුණා. අගනා ඉණිමක් ක්‍රීඩා කළ බට්ලර් ලකුණු 93ක් රැස් කළා. පන්ඳු යැවීමේදී කඩුළු පන්ඳු යවන්නන් අතර සම සේ බෙදී ගියා ලෙස කිව හැකියි. ඒ අනුව,එංගලන්තය කඩුළු 8ක් දැවී පන්ඳු වාර 50 හට ලකුණු 286ක් රැස් කළා. මේ අනුව, දෙපිළම ප්‍රසාද ලකුණු 1 ක බැඟින් ලබා ගෙන සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles