Friday, May 17, 2024

ලිට්රෝ ගෑස් සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය විසුරුවයි..?

මිලියන 1700ක ලාභයක් ලැබූ ටෙන්ඩර් ප්‍රදානයකින් පසුවත් හදිසියේ ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සමාගමේ විධායක සභාපතිවරයා සමඟ අධ්‍යක්ෂ මණ්ඩලයේ කිහිප දෙනෙකු ඉවත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා. දූෂණ විරෝධී පෙරමුණ මේ බව සඳහන් කරනවා.

එම පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන අන්දමට, ජුනි මස 1 වන දින සිට අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීමත් පසුපස යම් කුමන්ත්‍රණකාරී බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. මේ ක්මන්ත්‍රනය සම්බන්දව එම පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනය පහතින් ඇත.

හදිසියේ ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සමාගමේ විධායක සභාපතිවරයා සමඟ අධ්‍යක්ෂ මණ්ඩලයේ කිහිප දෙනෙකු ඉවත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව දැනගන්නට ගන්නට ඇත.

මිලියන 1700ක ලාභයක් ලැබූ ටෙන්ඩර් ප්‍රදානයකින් පසුව හදිසියේම මෙවැනි තත්ත්වයක් ඇතිවීම බලවත් සැකයට තුඩු දෙන කරුණක් වන බැවින් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට දූෂණ විරෝධි පරමුණ තීරණය කර ඇත. 2016 වසර සඳහා ලිට්රෝ සමාගමට ගෑස් සැපයුම් කරුවන් තෝරාගැනීම සඳහා වන ටෙන්ඩරය 2016 මැයි 27 වනදා විවෘත කිරීමත්, ජුනි මස 1 වන දින සිට අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීමත් පසුපස යම් කුමන්ත්‍රණකාරී බලවේගයක් ක්‍රියාත්මක බව පෙනී යයි.

තාක්ෂණ හා වාණිජ ඇගයීම් කමිටුව සහ අමාත්‍යංශ නිලධාරීන් ඉදිරියේ විධිමත් ලෙස සිදුකළ මෙම ටෙන්ඩර් ප්‍රදානය නොරිස්සූ යම් යම් බලවතුන්ට උවමනා වී ඇත්තේ තමන්ට අවනත කරගත හැකි අධ්‍යක්ෂ මණ්ඩලයක් ලිට්රෝ සමාගමට පත්කිරීම බව පෙනේ.

එමෙන්ම 27% ක කොටස් ලිට්රෝ ගෑස් සමාගමට හිමි සිනෝ ලංකා ආයතනයට අයත් ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ ඉදිකිරීම් හිතවතුන්ට ලබාදෙමින් එම හෝටලය කුණු කොල්ලයට විකිණීමේ සූදානමකුත් පවතී.

එබැවින් මේ පිළිබඳව කරුණු වහාම සොයා බලා ඉදිරියේදී සිදුවීමට නියමිත අක්‍රමිකතා වළක්වාලමින් යහපාලනය ස්ථාපිත කිරීමට ජනතාවට දුන් පොරොන්දු ඉටකිරීමට පියවර ගන්නා මෙන් දූෂණ විරෝධී පෙරමුණ ඉල්ලා සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles