Friday, May 17, 2024

ශ්‍රී ලාංකිකයෙක්ව පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනය කරයි, ඝාතනය සමිබන්ධයෙන් 50 ක් අත්අඩංගුවට

පාකිස්තානයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ප්‍රහාරයකට ලක්වී ඝාතනයවී ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ ශ්‍රී ලාංකිකයා පාකිස්තානයේ කර්මාන්තශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇත.

පාකිස්තානයේ පන්ජාබ් හි සියල්කොට් නගරයේදී ඔහුට එම ප්‍රහාරය එල්ලවී තිබේ.

විශාල පිරිසක් විසින් ඔහුට පහරදී ඝාතනය කර සිරුර පුළුස්සා ඇති බව පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

මෙි අතර පාකිස්තානයේදි  ශ්‍රී ලාංකික පුද්ගලයෙක් ඝාතනයය කිරීමේ සිද්ධියයට අදාළව මේ වන විට පුද්ගලයන් 100 කට වැඩ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන වැරදිකරුවෙක් ලෙස සැක කෙරෙන Farhan Idrees නැමැත්තෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ. ය

පොලීසිය CCTV දර්ශන භාවිතා කරමින් සියලුම වැරදිකරුවන් හඳුනා ගනිමින් සිටින බවද වැඩි දුරටත් වාර්තා වේ.

මෙි අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් 50ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පකිස්තාන පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම එරට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානණී ජනරාල් කාමාර් ජාවෙඩ් බජ්වා පවසන්නේ මෙම “දරුණු අපරාධය” කළ අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සිවිල් පරිපාලනයට පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

පකිස්තානයේ ආගමික කටයුතු සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ විශේෂ නියෝජිත හෆීස් තාහීර් මෙහ්මුද් අෂ්රෆි “සියලු ‍උලේමාවරුන්” වෙනුවෙන් මෙම ඝාතනය හෙළා දකිමින් කියා සිටියේ “ඉස්ලාම් දහම අපකීර්තියට පත්කර ඇති බවයි.”

අපරාධකරුවන් සොයාගැනීම සඳහා මේ වනවිට සීසීටීවී දර්ශන නිරීක්සණය කරමින් සිටින බව ද පොලිසිය පවසයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් පැය 48ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ද ඉල්ලා ඇත.

මීට පෙර පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් මේ ගැන දැඩි සේ කණගාටුවන අතරම සියලු පරීක්ෂණ කටයුතු පුද්ගලිකවම සොයා බලන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles