Friday, May 3, 2024

BOI සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වෙයි

BOI(ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ) සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වි ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත ඊයේ (2) යවා ඇතැයි වාර්තා වෙයි.

සභාපති සංජය මොහොට්ටාල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ සුබසිංහ, ආචාර්ය හර්ෂ කබ්රාල් සංජය කුලතුංග සහ ජෙයමින් පැල්පොළ යන මහත්වරුන් මෙසේ සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත.

මේ අතර ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහතා ද ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉතා ඉහළ  වැටුප් තල යටතේ නිලධාරී රැසක් බඳවා ගෙන ඇති බවට සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් එම බඳවා ගැනීම් කර  ඇති බවට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී ද පසුගියදාචෝදනා එල්ල විය .

එම කටයුතුවලින් රජය අපහසුතාවට පත්වූ පත්  බව සදහන් කරමින් මෙම සාමාජිකයන් තිදෙනා ඉල්ලා අස්වි ඇතැයිද දැනගන්නට තිබේ .

මෙ අතර ,ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විරෝධය පළ කරමින් එහි සේවකයන් අතිබහුතරයක් ජනාධිපතිවරයාට භාරදීම සඳහා පෙත්සමක්ද අත්සන් කළ  අතර, අද මණ්ඩලයේ සේවකයන් 1100ක් පමණ  පිරිසෙන්  අටසිය පනස් දෙනකු පමණ ඊට අත්සන් තබා ඇතැයිද වාර්තා වේ .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles