Sunday, May 19, 2024

සක්ෂි සැඟවීම නිසා ඩයලොග් ලොක්කා ලඟදීම අත්අඩංගුවට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව යටතේ ඩයලොග් ආයතනයේ විධායක අධ්‍යක්ෂ හාන්ස් විජේසූරිය නුදුරු දිනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තාවේ.

තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණවලදී අවධාරණයට ලක්වූ බොහොමයකක් දුරකතන සිම්පත් අයත්වන්නේ ඩයලොග් සමාගමටය. එසේ පරීක්ෂණ සඳහා අවශ්‍ය ඩයලොග් අංකයන්හි ඇමතුම් හුවමාරුවලට අදාල තොරතුරු ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩයලොග් සමාගමෙන් ඉල්ලා ඇත්තේ 2012 වසරේදීය.

නමුත් මේ වනතෙක් එම තොරතුරු ලබාදීමට ඩයලොග් සමාගම කටයුතු කර නැත. එම පරීක්ෂණයට අදාල අනෙකුත් දුරකතන අංකයන් වල ඇමතුම් හුවමාරු තොරතුරු මොබිටෙල් සහ එටිසලාට් සමාගම් විසින් අපරාධ පරීක්ෂණ කණ්ඩායම වෙත ලබාදී ඇත. නමුත් ඩයලොග් සමාගම දැනුම් දී ඇත්තේ අදාල දත්තයන් තම දත්ත ගබඩාවෙන් මැකීගොස් ඇති බවයි.

සෙසු සමාගම් දත්ත ලබාදී තිබියදී ඩයලොග් සමාගම මෙම දත්ත ලබානොදීම ඉතා බරපතල කරුණකි.ඩයලොග් ප්‍රධානී හාන්ස් විජේසූරිය මහතාගේ මාමණ්ඩය වන සුනිලමල් ප්‍රනාන්දු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකයෙක් ලෙස කටයුතු කල රාජපක්ෂ පවුලේ සමීපතමයෙකි.

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගේ නමද ඈඳී ඇති බැවින් මෙසේ ඩයලොග් සමාගම විසින් දත්ත ලබා නොදීමට හේතුව හාන්ස් විජේසූරියගේ මාමණ්ඩිය වන සුනිමල් ප්‍රනාන්දු සහ රාජපක්ෂ පවුල අතර ඇති සම්බන්ධතාවය මෙයට හේතුවී ඇත්ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවදානය යොමුවී ඇත.

ඩයලොග් සමාගමට අදාල දුරකතන අංකයක ඇමතුම් තොරතුරු ලබාගත හැක්කේ කෙසේදැයි විමසීමේදී හාන්ස් විජේසූරිය ප්‍රකාශකර ඇත්තේ ලිඛිතව ඉල්ලීමක් කලහොත් ලබාදිය හැකිබවයි. එහෙත් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීමට හේතුව විමසා සිටි අවස්ථාවේ කියා සිටියේ ඒ සඳහා ලියුම්කරුගේ දුරකතන අංකය අවශ්‍ය බවයි. ඉන්පසු කියා සිටියේ තම මාධ්‍ය ලේකම් හරහා එම තොරතුරු ලබාදෙන බවයි. නමුත් ලියුම්කරුට මේ වන තෙක් එම තොරතුරු ලැබී නැත.

ඒ නිසාවෙන් දැනගන්නට ලැබෙන ආකාරයට නුදුරු දිනකදී හාන්ස් විජේසූරිය මහතා අත්අඩංගුවට ගෙන අදාල තොරතුරු පිළිබඳ විමර්ශණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවන බව දැනගන්නට ලැබේ.

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles