Friday, April 26, 2024

සපුගස්කන්ද යළි වැසෙයි

ගෙන්වන ලද බොරතෙල් තොග අවසන් වෙමින් ඇති නිසා මෙම 20 වැනිදා සිට නැවතත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බව තෙල් වරාය විදුලි සමග ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ නැවත බොරතෙල් ආනයනයට කටයුතු කර නැති නිසා දින නියමයක් නොමැතිව පිරිපහදුව වසා දැමීමට මෙවර සිදු වනු ඇති බවයි.

එවන් තත්වයකදී සංස්ථාවේ සේවකයන්ට වැටුප් හා දීමනා ගෙවීමට කෝටි දාසයක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවද හෙතෙම පැවසීය.

බොරතෙල් ගෙන්වා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම නිසා මේ ආකාරයට වරින්වර පිරිපහදුව වසා දැමීමට සිදුවන බව ද පැවසූ ඔහු පිරිපහදුව වසා දැමුවත් අදාළ කාලයේ දී එහි නඩත්තු කටයුතු සිදු කිරීම නිසා සේවකයන්ට අතිකාල ගෙවීම සිදු වන බවද පැවසීය.

පිරිපහදුව වසා දැමීමත් සමග මෙරටට දෛනිකව අවශ්‍ය වන භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන ආනයනය කිරීමට සිදුවන නිසා ඒ තුළින් ද සංස්ථාවට විශාල පාඩුවක් සිදුවන බවත් විදුලි බලාගාර වලට ලබාදෙන දැවි තෙල් මෙට්‍රික් ටොන් දෙදහසක ප්‍රමාණයක් ද අහිමි වන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles