Sunday, May 19, 2024

සයිනෝෆාම් එන්නත් ලක්ෂ 40 ක් දිවයිනට

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සදහා චීනයෙන් මිළදී ගත්, රට නිෂ්පාදිත සයිනොෆාම් එන්නත්,තවත් මාත්‍රා ලක්ෂ 40 ක් (මිලියන 04 ) බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ශ්‍රී ලංකාවට ගෙන ආ දෙවන අවස්ථාව මෙයයි .

මෙම එක් එන්නත් බදුනක් තුළ එන්නත් මාත්‍රා 05 ක් අසුරා තිබීම නිසා , එන්නත් බදුන් ලක්ෂ 08 කින් සමන්විත මෙම එන්නත් ලක්ෂ 40 ක තොගය එක් ගුවන් යානයකින්ම එකවරම ප්‍රවාහනය කිරීමට හැකි වී තිබේ .

කිලෝ ග්රැම් 16,214 ක් බරැති මෙම එන්නත් පෙට්ටි 41 ක් තුළ අසුරා තිබුණි .

ගුවන් යානයෙන් පිටතට ගත් එන්නත් තොගය,ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles