Monday, May 6, 2024

තහනම් ඖෂධ ගත් නිසා ටෝකියෝ මීටර් 4×100 රිලේ රිදී පදක්කම බ්‍රිතාන්‍යයට අහිමියි

නිමාවට පත්වූ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 4×100 රිලේ රිදී පදක්කමට උරුමකම් කිව්වේ බ්‍රිතාන්‍යය නියෝජනය කළ 4 දෙනාගෙන් යුතු කණ්ඩායම වූ අතර එම කණ්ඩායමේ එක් සාමාජිකයෙකුවූ සීජේ උජාගෙන් ලබාගත් උපස්ථ සාම්පලයක් තුළ තහනම් ද්‍රව්‍ය  ධනාත්මක බව තහවුරුවීම නිසා එම පදක්කම බ්‍රිතාන්‍යයට අහිමිවී යාමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
රිලේ කණ්ඩායමේ අනෙක් අය වූයේ ෂාර්නල් හියුස්, රිචඩ් කිල්ටි සහ නෙතනීල් මිචෙල් -බ්ලේක් ය.
මේ අය සියල්ලන්ට වෙනවෙනම රිදී පදක්කම් හිමිවුවද මෙම තහනම් උත්තේජක ගැටලුව නිසා  ඔවුන් සෑම දෙනාටම තම ඔලිම්පික් පදක්කම් අහිමි විය හැකිය.
සාම්පල පරීක්ෂාව අනුව මෙම වංචාව හඳුනාගත් පසු ඔලිම්පික් නීති රීති අනුව ප්‍රතිඵල වලට ප්‍රතිචාර දැක්වීමට ක්‍රීඩකයාට අවස්ථාවක් ලබා දීම සිදුවේ. ඒ සඳහා උජා ක්‍රීඩා තහනම් උත්තේජක මර්දන අංශයේ බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු විභාගයකට මුහුණ දෙනු ඇත.
මෙම සාම්පල පරීක්ෂාව දැනට දෙවරක් කර ඇති අතර ඒ දෙවාරයේම උජා අසමත් විය.
ජාත්‍යන්තර පරීක්ෂණ ඒජන්සිය තහවුරු කළේ බී සාම්පල විශ්ලේෂණය සිදු කළේ මලල ක්‍රීඩකයා දෙවන පරීක්ෂණය සඳහා ඉල්ලීමක් කිරීමෙන් පසුව බවයි.
ටෝකියෝවේ තරඟ කිරීමෙන් පසු ගන්නා ලද උජාගේ පළමු සාම්පලයේ ඔස්ටරීන් සහ එස් -23 ලෙස හැඳින්වෙන තහනම් මාංශ පේශි ගොඩනැගීමේ ද්‍රව්‍ය දෙකක් තිබී සොයා ගන්නා ලදී.

Gossip Lanka News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles