Monday, May 6, 2024

සියයකට අධික පිරිසක් සමග නාමල් ඉන්දියාවේ සංචාරයක

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 100කට වැඩි පිරිසක් සමග ලබන 20 වැනිදා ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිතය.

ඒ, බුදුන් වහන්සේ අපවත් වූ ඉන්දියාවේ කුෂිනගර්හි සිදුකෙරෙන නව ජාත්‍යන්තර ගුවන් තොටුපළක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සදහාය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත කරනු ලැබූ විශේෂ ආරාධනාවකට අනුව ඉන්දීය රජය විසින් ලබා දෙන විශේෂ ගුවන් යානයකින් නාමල් රාජපක්ෂ මහතා සහ භික්ෂූන් වහන්සේලා 100කට වැඩි ප්‍රමාණයක් ඒ සදහා සහභාගී වීමට නියමිතය.

ලබන වප් පුර පසළොස්වක පොහොය දිනයේදී (ඔක්තෝබර් 20) ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වේ.

සංචාරක උත්සවයට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජීවන් තොණ්ඩමන් සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගී වෙති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles