Friday, May 3, 2024

ජනපති නියෝගය නොතකන මූල්‍ය සමාගමක්

කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට මූල්‍ය සහන රජය ලබාදුන්නද ඒවා අදාළ ආයතන ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් පවතින බව ජනතාව මේ දිනවල මැසිවිලි නගති.

පවතින තත්ත්වය තුළ ලීසිං වාරික ගෙවා ගැනීමට අපහොසත් වූ ජනතාවට සහන ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවත් එය සත පහකටවත් ගණන් නොගත් සුප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක මජර ස්වරූපය පසුගියදා හෙළි විය.

එනම් ඉකුත් 05 වන දින සවස 3ට පමණ මෙම මූල්‍ය ආයතනයෙන් ලීසිං කරන ලද මෝටර් රථයක් මාදිවෙල ප්‍රදේශියේදී වාරික මුදල් නොගෙවීම මත  ඔවුන්ගේ භාරයට පත් කර ගෙන තිබේ. මෙම රථය සඳහා තවත් ගෙවීමට ඉතිරිව ඇත්තේ වාරික හයක් පමණය. “අපට මුදල් අමාත්‍යාංශය වැඩක් නෑ. මුදල් අමාත්‍යාංශය යටතේ නෙමෙයි අපි ඉන්නේ. මේවා ප්‍රයිවට් කම්පැනි. සල්ලි ගත්තා නම් ගෙවන්න ඕන. මොන සහනද“ ආදී ලෙස තර්ජනාත්මකව පවසා මෝටර් රථය රැගෙන ගොස් ඇත.

කොවිඩ් වසංගතය හමුවේ ජනතාව අන්ත ලෙස පීඩාවට පත්ව සිටියදී මෙවැනි මූල්‍ය ආයතනවල හැසිරීම ඉතා කණගාටුදායක වන අතර මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතුය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles