Wednesday, May 8, 2024

සුවසැරිය දසත සැරිසරයි…

මේ දිනවල වැඩිම කතාබහට ලක්වන සුවසැරියට අලුතෙන් තවත් ගිලන් රථ 112ක් මිලදී ගන්න වර්තමාන ආණ්ඩුව තීරණය කරඇත.

මේ හදිසි ගිලන් රථ සේවය 2016 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.56ක ඉන්දියානු ප‍්‍රදානයක් යටතේ ආරම්භ විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙයේ කෙණෙහිලිකම්, සමච්චල් සහ නින්දාවන් මැද මෙම සේවය ඇරඹුනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රතිරෝධය කෙතරම්ද යත් එම ගිලන්රථ නවතා තැබීමට සිදුවූයේ පොලිස් ස්ථාන වල වීම අපූරු සිදුවීමකි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමත්, හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ කැපවීමත් මත ව්‍යාපෘතිය අති සාර්ථක ලෙස ක්‍රියාත්මක විය. අද වන විට දිනකට වාර 5000ක් බැගින් ගිලන් රථ සිය සේවය ඉටු කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles