Saturday, May 18, 2024

සෙලාන් බැංකුවෙන් බිලියන 5ක ණයකර නිකුතුවක්

සෙලාන් බැංකුව විසින් 2016 ජූලි 05 වන දින විවෘත කරන ලද රුපියල් බිලියන 3ක ණයකර නිකුතුව බැංකුව කෙරෙහි ආයෝජකයන් තුළ ඇති විශ්වාසය සපථ කරමින් අතිශය සාර්ථකත්වයට පත්ව තිබේ. මේ හේතුවෙන් ආරම්භක දිනයේදීම ණයකර නිකුතුව වසා දැමීමට සෙලාන් බැංකුව කටයුතු කරනු ලැබිය. ලැයිස්තුගත සුරැකුම් රහිත ණයකර නිකුත්වක් වන මෙම රුපියල් බිලියන 3ක මූලික නිකුතුව BBB+ශ්‍රේණිගත කිරීමට ලක්වූවකි. මෙහිදී රුපියල් බිලියන 5කට අධික ණයකර අයදුම්පත් ලද අතර දෙවැනි අදියර ලෙස රුපියල් බිලියන 2ක අති සාර්ථක ණයකර නිකුතුවක් කිරීමට සෙලාන් බැංකුව සමත් විය. මෙම ණයකර නිකුතුව හරහා ලංකාවේ  අරමුදල් ඉහළ නංවා  ගැනීමට මෙන්ම ණය කළඹ, අරමුදල්  එකතුවේ ශක්තිය වැඩි කර ගැනීමටද හැකි වූ අතර ‍පොලී අනුපාත  අවදානම අවම කරගැනීමටත් බැංකුවේ වත්කම් හා වගකීම් කළඹෙහි පරතර අවම කරගැනීමටත් එය ඉවහල් විය. එසේම ඒ හරහා  ශේෂ පත්‍රයේ පරතරය අවම කරගැනීමට සහ දෙවන පෙළ ප්‍රාග්ධනය ශක්තිමත් කරමින් බැංකුවෙහි ප්‍රාග්ධනය ප්‍රමාණවත් මට්ටමක පවත්වා ගැන්මටද හැකිවේ.
මෙම ණයකර නිකුතුවක් සමග මෙම වසරේ ඉදිරි කාල සීමාව සෙලාන් බැංකුවට ඉතාමත් සාර්ථක කාලයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මේ වසරේ මුල් මාස තුන අවසානයේ බදු පසු ලාභය ලෙස 2015 වසරේ එම කාලය තුළ වාර්තා කළ රුපියල් මිලියන 691ක ලාභය අභිභවමින් රුපියල් මිලියන 720ක වාර්තා කර ඇත්තේ 4ක ශක්තිමත් කාර්ය සාධනයක් සනිටුහන් කරමිනි. එසේම 2016 වසරේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 201,350ක ශුද්ධ ණය අගයක් වාර්තා කොට ඇත්තේ පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 4.27ක වර්ධනයක් වාර්තා කරමිනි.  පසුගිය වසරේ පළමු කාර්තුවේදී එය රුපියල් මිලියන 193,103ක් ලෙස සටහන් විය. මෙම වසරේ එම කාලය තුළම බැංකුවේ තැන්පතු පදනම රුපියල් මිලියන 22,525 සිට 225,445 දක්වා වර්ධනය වූ බව බැංකුව පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles