Tuesday, April 30, 2024

පෑන් ඒෂියා බැංකුවේ ඉතුරුම් ගිණුම් සඳහා ඉහළ ‍පොලියක්

පෑන් ඒෂියා බැංකුවේ ප්‍රමුඛතම ඉතුරුම් ගිණුම වන චැම්පියන් සේවර් 8ක ඉහළ ‍පොලී අනුපාතයක් ලබාදෙයි. මෙය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වාණිජ බැංකුවකින් ඉතුරුම් ගිණුමකට ලබාදෙන ඉහළම ‍පොලී අනුපාතය බව බැංකුව පවසයි.
ගිණුම් හිමියන්ට චැම්පියන් සේවර් වෙතින් ලැබෙන ඉහත වරප්‍රසාදයට අමතරව ලැබෙන සුවිශේෂී තවත් වාසියක් වන්නේ පාරිභෝගිකයන් කෙතරම් වාර ගණනක් මුදල් ආපසු ගැනීම් සිදු කළද මෙම ඉහළ ‍පොලී අනුපාතයෙහි වෙනසක් නොමැතිව භුක්ති විඳීමට හැකි වීමය. එමෙන්ම VISA  ලාංඡනය ඇති ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ආපසු ගැනීමේ පහසුකම ද හිමිවේ.
චැම්පියන් සේවර් ගිණුමක් රු. 1,000/-ක අවම තැන්පතුවකින් ආරම්භ කළ හැකිය. ගිණුමේ ශේෂය රු. 25,000/-ත්, රු. 50,000ත් අතර පවතින විට ගිණුම් හිමියාට 3.5ක ‍පොලියකුත් රු. 50,000/-ත්, රු. 300,000/-ත් අතර තැන්පතු සඳහා 5.5ක ‍පොලියක් හිමි වේ. රු. 300,000/- වැඩි ඉතිරියක් ඇති ගිණුම්වලට මෙම 8ක ‍පොලී අනුපාතය හිමිවන බව බැංකුව පවසයි.
මෙම ඉහළ ‍පොලී අනුපාතයට අමතරව තම කැමැත්ත පරිදි පාස් ‍පොතක් හෝ මාසික ගිණුම් වාර්තාවක් තෝරාගැනීමේ අවස්ථාවද ඇත. VISA ඩෙබිට් කාඩ්පත්, SMS බැංකු පහසුකම්, Internet Banking පහසුකම් සහ ස්ථාවර නියෝග යනාදියද නොඅඩුව අත්විඳීමට චැම්පියන් සේවර් ගිණුම් හිමියන්ට හැකිවේ.
අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට ද මෙරට පදිංචි විදේශකයන්ටද පෑන් ඒෂියා බැංකුවේ රට පුරා විහිදුණු ශාඛා 80න් මෙම චැම්පියන් සේවර් ගිණුම ආරම්භ කළ හැකිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles