Tuesday, April 30, 2024

ඖෂධ ප්‍රතිපත්තිය ගැන අමාත්‍යංශය ගොළු වෙලා

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු සඳහනක් සෞඛ්‍ය ඇමැතිවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය  කර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය සඳහන් කරයි.

ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කාලය තුළ ගෙන එන ලද ජාතික ඖෂධ පනත් කෙටුම්පතට අදාළ ආයතන හෝ තවමත් පිහිටුවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකි වී ඇතැයි ද සංගමයේ ‍ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා අද (20) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ඖෂධ පනත සම්බන්ධයෙන් තීරණ තීන්දු ගැනීමට හැකි කමිටුවක් හෝ තවමත් පිහිටුවා නොමැති නමුත් සිගරැට් මාෆියාව හොඳ තැනකට ගෙන යෑමට උත්සහ දැරීම විහිළුවක් බවද හෙතෙම පෙන්වාදේ.

කෙසේ නමුත් ඖෂධ හා සිගරැට් යන දෙකම මාෆියාවන් බව අප අමතක නොකළ යුතු වන අතර ඖෂධ පනත හොඳ තැනකට ගෙන ඒමට බැරි පුද්ගලයින් සිගරැට් මාෆියාව පසු පස හඹා යාම ගැටලුවක් බවද පැවැසීය.

සිගරැට් පැකට්ටුවේ රූපමය අවවාද සියයට 80ක් දක්වා වැඩි කරන ලෙස වත්මන් ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිව සිටි කාලයේ ගෙන ගිය සටනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෘජුවම සහය දැක්වු බවත් තම සාමාජිකයින් එවකට සෞඛ්‍ය ඇමැතිවරයා සමග එක්ව විහාරමහාදේවි උද්‍යානයේ පාගමන් පවා ගිය බවද වෛද්‍ය නලීන්ද සොයිසා මහතා පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles