Saturday, May 4, 2024

සෞඛ්‍ය අමාත්‍යාංශය සන්නද්ධ වේ

වැඩවර්ජනය  ක‍්‍රීයාත්මක වුවහොත් එයට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ  ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩවර්ජනය පිළිබඳව කරුණූ දැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී  30 වෙනිදා  පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.
රෝගී ජනතාව අපහසුතාවයට පත් නොකිරීම අපගේ අරමුණයි. ජනතාව අපහසුතාවයට පත් කරන වැඩවර්ජනවල නිරත නොවන ලෙස මා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් ඉල්ලා සිටිනවා.මතුව ඇති ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත හැකි බව මාගේ විශ්වාසයයි.

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛණය සකස් කිරීමේ දී අමාත්‍යවරාගෙන් කිසිදු බලපෑමක් ඇති නොවූ බව ද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles