Sunday, May 5, 2024

හබරණ ඉන්දියානුවෝ නිරෝධායනය කරන ප්‍රොජෙක්ට් එකක්!

මේ වන විට ඉන්දියන් ජාතිකයන් 600 ක් පමණ හබරණ ප්‍රදේශයේ නිරෝධායනයට යොමුකර විදෙස් රටවලට යැවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කියා සිටී.

මේ අවස්ථාවේ එවැනි ක්‍රියා සිදු නොකරන ලෙස වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

මෙවැනි සංචාරක වැඩසටහනක් සිදු කරනවානම් එය විධිමත් නිරෝධායන ක්‍රියාවලියක් තුළින් සිදු කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

මිලියන 6000 කැඳ වැඩ එපා; PCR – ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කරන්න

එසේම රුපියල් මිලියන 6000 ක් වැය කර රට පුරා කැඳ බෙදෙනවා වෙනුවට කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීමට එම මුදල් වැය කර පීසීආර් හා රැපිඩ් ඇන්ටිජන් (rapid antigen) පරීක්ෂණ සිදු කරණ ලෙස ද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඉල්ලීමක් කළේය.

සියලු පාර්ශ්ව කැපකිරීමෙන් කොවිඩ් රෝගය යම් පාලනයකට ගෙන තිබෙන අවස්ථාවක කැබිනට් පත්‍රිකා මගින් රුපියල් මිලියන 6000 ක් වැයකර කැඳ බෙදීමට උත්සාහ කරන්නේ නැවතත් කොවිඩ් පාලනය අතහැර දැමීමට ද යන්න සැකයක් මතුවන බව ද ඒ මහතා කීය.

ජනතාවට කැඳ ලබා දීමට තම සංගමයේ විරුද්ධතාවයක් නැති බවත්, ජනතාවට එම වට්ටෝරුව ලබා දුනහොත් එය සකසා ගැනීමට ඔවුන්ට හැකියාව පවතින බවත් කී වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මේ සිදු කරන්න යන්නේ මහජන මුදල් නාස්ති කිරීමක් බවට තම සංගමයට සැකයක් ඇතැයි ද කියා සිටියේය.

මේ වන විට රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් (rapid antigen) ප්‍රමාණය අඩු කර ඇති බවත් ඔහු හෙළිකළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles