Friday, May 3, 2024

හයාඕ මියසාකි ගේ Spirited Away ලංකාවේ ප්‍රදර්ශනයට

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් චිත්‍රපට ඇකඩමිය සංවිධානය කරනු ලබන මාසික චිත්‍රපටි ප්‍රදර්ශනය යටතේ මෙවර ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන හයාඕ මියසාකිගේ ඇකඩමි සම්මාන දිනූ ‘Spirited Away’  චිත්‍රපටිය ඔක්තෝම්බර් 22 වෙනිදා සවස 4.00ට ප්‍රදර්ශනය කරනු ලබයි.
චිත්‍රපට කලාව වෙනුවෙන් කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ඇකඩමි සම්මාන ජූරියේ විශේෂ ගෞරව සම්මානය පසුගිය වසරේදී(2014) හයාඹ් මියසාකි වෙත පිරිනමන ලදී. හයාඕ මියසාකි විසින්ම පිටපත් ලියනු ලැබූ මෙම ත්‍රිමාණ සජීවීකරණය කරන ලද චිත්‍රපටයේ සංගීත නිර්මාණය ජෝ හිසායිෂි විසින්ය. චිහිරෝ නැමති දස හැවිරිදි දරුවා සහ ඔහුගේ පවුල වටා දිග හැරෙන මෙම චිත්‍රපටය ඉතා ආකර්ෂණී තේමාවක් ඔස්සේ ගලායන්නකි.
මෙම චිත්‍රපටය සඳහා 2003 ඇකඩමි සම්මානය, 2002 ජපන් ඇකඩමි සම්මානය, හොං කොං චිත්‍රපට සම්මානය, බර්ලින් චිත්‍රපට සම්මානය හිමිකරගන්නා ලදි. අකිර කුරසාවා, සත්‍යජිත් රායි හැරුණු විට ඇකඩමි සම්මානය ලද තෙවන ආසියාතිකයා වන්නේ මියසාකිය.
මෙම චිත්‍රපටයට සමගාමීව ඉදිරිපත් කරනු ලබන ‘ ඉන්ද්‍රජාලික යථාර්ථය සිනමාවෙන් කියවීම‘ නමින් යුත් දේශනය කරනු ලබන්නේ මොහාන් රාජ් මඩවල විසිනි. එම සංවාද කවය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව විසින් මෙහෙයවනු ලබයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles