Thursday, May 2, 2024

හාමුදුරු පෙමට වැට බැඳේ

කනිට්තා ක්වන්යූ විසින් අධ්‍යක්ෂණය කරන ලද අර්බත් (Arbat) චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට තායිලන්ත රජය තීරණය කර ඇත. මෙම සති අන්තයේදී ප්‍රදර්ශනය වීමට නියමිතව තිබූ මෙම චිත්‍රපටය මෑතකාලීනව දැඩිලෙස මතභේදයට තුඩුදුන් තායි චිත්‍රපටය ලෙස හැඳින්වූවාට වරදක් නැත.

බෞද්ධ භික්ෂුවක් සහ තරුණියක් අතර ඇතිවන පෙමක් පිළිබඳ ඉතා සංවේදී කතාවක් රැගත් මෙම චිත්‍රපටය තායි බලධාරීන් විසින් තහනම් කිරීමට හේතු ලෙස සඳහන් කර ඇත්තේ එම චිත්‍රපටයේ කතාව තුල භික්ෂුන් වහන්සේ දුම් පානය කිරීම, ලිංගිකව හැසිරීම, බෞද්ධ දර්ශනයට හානිගෙන දෙන සිදුවීම් අන්තර්ගතවීම යන කාරණා හේතුවෙන්ය.

කෙසේ වෙතත් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කරන සමාගම මාස කීපයක් මුළුල්ලේ අධික වියදමක් දරා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ කටයුතු සිදුකර ඇත. ඔවුන් මෙම තහනමට එරෙහිව ඇපෑලත්ද ඉදිරිපත් කිරීමට කටයුතු සිදුකර ඇතැයි වාර්තා වේ. අතීතයේ සිටම තායි බලධාරීන් බෞද්ධාගම සම්බන්ධ චිත්‍රපට ප්‍රදර්ශනයේදී වැඩි අවධානයක් යොමුකරන බව නොරහසකි.

මින් පෙරද මෙවැනි චිත්‍රපට කීපයක් තායිලන්තය තුල තහනමට ලක්ව ඇත.2006 වසරේදී අපිචට්පොන්ග් වීරසේතකුල් ගේ (Apichatpong Weerasethakul) “සියවසක් හා සහලක්ෂණයන්” (Syndromes and a Century ) චිත්‍රපටය භික්ෂූන් ගේ සිපගැනීම්, මත්පැන් පානය කිරීම් හා ගිටාර් වාදනය කිරීම් දර්ශන අඩංගු බව පවසමින් තහනමට ලක්කළේය.

 

එහි පූර්ව ප්‍රචාරක වීඩියෝව

මූලාශ්‍රය – කපිල M.ගමගේ Facebook පිටුව

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles