Monday, May 20, 2024

හිටපු කොටි සමාජිකයා ජීවිතාන්තය තෙක් සිරගෙට

යුද සමයේදී තම දියණිය ඇතුළු ළමයින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් එල්.ටී.ටී. සංවිධානයට බඳවා ගැනීමට වැරදිකරුවකු වූ හිටපු කොටි සාමාජිකයකුට වව්නියාව මහාධිකරණ විනිසුරු බාලෙන්ද්‍රන් ශෂි මහේද්‍රන් අද(26) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය.
2008 වසරේදී කේ. දාසන් නමැති සැකකරු අවස්ථා කිහිපයකදී ළමුන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවට පොලීසියට පැමිණිලි ලැබුණද අදාල සැකකරු එවකට කොටි සංවිධානයේ සිටි හෙයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර 2009 වසරේ අවසන් යුද කාලයේදී සැකකරුගේම දියණියද කොටි සංවිධානයට බලහත්කාරයෙන් රැගෙන ගොස් බඳවාගෙන ඇති බවට සැකකරුගේ ඥාතීන් කිලිනොච්චිය පොලීසියට පැමිණිලි කර තිබිණි.
යුද්දය නිමා වීමෙන් පසු සැකකරු ආරක්ෂක අංශ වෙතට භාර වී පුනරුත්තාපනය වී නැවත කිලිනොච්චියේ පිහිටි නිවසට ගිය පසු පවුලේ අය කළ පැමිණිල්ලට අනුව කිලිනොච්චිය පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles