Wednesday, May 8, 2024

මොබිටෙල් කෑෂ් බොනැන්සා අප්‍රේල්-මැයි ජයග්‍රාහකයන්ට මොන්ටෙරෝ රථ දෙකක්

2017 වසර සඳහා තවත් සුඛෝපභෝගී මොන්ටේරෝ රථ 12 ක් පිරිනැමීම වෙනුවෙන් මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි දිනුම් ඇදීමේ වැඩසටහන Mobitel සමාගම විසින් දීර්ඝ කරනු ලබයි.

2017 මැයි මාසය වන විට රුපියල් මිලියන 154 ක් වටිනා ත්‍යාග පාරිභෝගිකයන් 90,605 කට පිරිනමා ඇත.

ජාතික ජංගම දුරකථන සේවා ජලය වන මොබිටෙල් ‍සමාගමේ මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි දිනුම් ඇදීමේ වැඩසටහන 2017 අප්‍රේල් සහ මැයි මාසවලදී එහි තීව්‍රතාවයේ උපරිමයට පැමිණ තිබූ අතර පිරිනමන්නා වූ ආකර්ෂණීය ත්‍යාග හේතුවෙන් ඒ සඳහා පාරිභෝගිකයන්ගේ විශාල සහභාගිත්ව වර්ධනයක් දැකගත හැකි විය.

කුරුවිට චිත්‍රා කාන්ති හා පිළියන්දල රසිකා දිල්හානි පෙරේරා යන මහත්මීන් පිළිවෙළින් 2017 අප්‍රේල් හා මැයි මාසයන්වලදී මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි දිනුම් ඇදීමෙහි වාසනාවන්ත ජයග්‍රාහකයන් වී ඇති බව Mobitel සමාගම පසුගිය දා ප්‍රකාශයට පත්කරන ලදී.

2017 වසරේ ඉතිරි මාස 07 වෙනුවෙන් තවත් සුඛෝපභෝගී මොන්ටේරෝ රථ 07 ක් Mobitel විසින් පිරිනැමීමට නියමිත අතර ඒ සඳහා වන තරගකාරීත්වය නිසාවෙන් පාරිභෝගිකයන් අතර බලවත් උද්යෝගයක් මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි වැඩසටහන සම්බන්ධයෙන් නිර්මාණයවී තිබේ. මේ වැඩසටහන යටතේ තෝරාගනු ලබන වාසනාවන්තයන් දොළොස්දෙනකුට, මාස්පතා සුඛෝපභෝගී මොන්ටේරෝ රථය බැගින් වසරේ මාස 12 තුළ පිරිනමනු ලබයි.

ඊට අමතරව වාසනාවන්ත පාරිභෝගිකයන් 219000 ක් වෙනුවෙන් රුපියල් 500 බැගින් වන මුදල් ත්‍යාග, වසර පුරා මේ යටතේ Mobitel පිරිනමයි. සමස්තයක් ලෙස පොදුවේ ගත් විට 2017 වසර තුළදී Mobitel වෙතින් පිරිනමන්නා වූ රුපියල් මිලියන 350 ක මුදල හිමිකරගැනීමේ අපේක්ෂාවෙන් එහි පාරිභෝගිකයන් සැදී පැහැදී සිටිති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles