Saturday, April 27, 2024

ජන කණ්ඩායම් දෙකක් අතර ගැටුමකින් අහිංසක දැරියක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ සුක්කූර්හි චෞහාන් ප්‍රජාවට අයත් කාන්තාවක් සහ ඇගේ සොහොයුරිය පැහැරගෙන යාමේ චෝදනාව සම්බන්ධයෙන් කෝපයට පත් සන්නද්ධ පුද්ගලයින් පිරිසක් රොහ්රි අසල ෂම් කලඩි ගම්මානයේ නිවාස 10 කට පමණ පහර දී ගිනි තබා ඇතිබව වාර්තා වේ.

එම ගින්නට හසුවූ සිව් හැවිරිදි දැරියක් සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බවද පැවසේ.

මෙම කාන්තාව පන්හ්වාර් ප්‍රජාවට අයත් තරුණයෙකු සමඟ ස්වකැමැත්තෙන් විවාහයක් කර ගැනීමට අදහස් කර ඇති අතර ඒ අනුව ඇය තම සහෝදරිය සමඟ නිවසින් පිටව ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් ඇයගේ ප්‍රජා වැඩිහිටියන්ට පැමිණිලි කළ තිබෙන අතර එහිදී පවසා ඇත්තේ සහෝදරියන් දෙදෙනා පන්හ්වාර් මිනිසුන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපයට පත් මිනිසුන් පිරිසක් පන්හ්වාර් ප්‍රජාවගේ නිවෙස්වලට පහර දී නිවාස 10කට වැඩි ප්‍රමාණයකට ගිනි තබා ඇති බව පැවසේ.

ප්‍රහාරකයන් චෞහාන් ප්‍රජාවට අයත් අය බවට පන්හ්වාර්ප්‍රජාවේ සාමාජිකයින් චෝදනා නගා ඇත.

බොහෝ නිවාස කොල්ලකෑමට සහ ගිනි තැබීමට පෙර ප්‍රහාරකයින් පන්හ්වාර්ස් අවට ප්‍රදේශවල මිනිසුන්ට හිරිහැර කිරීම සඳහා අහසට දැඩි වෙඩි තැබීමක් කළ බවටද ඔවුන් ඩුබාර් පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.

පකිස්තානයේ විවිධ ජන කණ්‍ඩායම් අතර මෙවැනි ගැටුම් බහුලව සිදුවන අතර ඒ හේතුවෙන් විශාල වශයෙන් දේපල සහ ජීවිත හානි සිදුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles