Saturday, April 27, 2024

තවත් සීනි කන්ටේනර් 200 ක් වරායේ

වෙළඳපොළේ පවතින සීනි අර්බුදය නිමා කිරිම සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට පහසුකම් අද හෝ හෙට සලසනු ඇතැයි සීනි ආනයනකරුවන් පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වනවිටත් කොළඹ වරාය තුළ මුදා නොගත් සීනි බහලුම් 200 ක් පමණ ඇති බවයි.

ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඒවා මුදා ගැනීම අසීරු වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

තමන්ට සහනයක් සලසන ලෙස ඉල්ලමින් සීනි ආනයනකරුවන් ඊයේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නද හමුවුණා.

එහිදී මහබැංකු අධිපතිවරයා හමු වී ආනයනකරුවන්ගේ ගැටලුවට අද හෝ හෙට විසදුම් ලබාදීමට කටයුතු කරන බවට රාජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ බවයි ආනයනකරුවන් ප්‍රකාශ කළේ.

සීනි ආනයනය කිරිමට අවශ්‍ය ඩොලර් මිලියන 18 ක මුදලක් ආනයනකරුවන් මීට පෙර රජයෙන් ඉල්ලා තිබුණා.

ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙනුයි සීනි ආනයනකරුවන් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ හමුවුණේ.

අවම වශයෙන් මාසයක් සඳහා අවශ්‍ය කරන සීනි මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරිමට ඔවුන් මෙම මුදල ඉල්ලා තිබෙනවා.

රජය විසින් සුදු සීනි සඳහා රුපියල් 122 කත්, දුඹුරු සීනි සඳහා 125 කත් පාලන මිලක් ද පනවා තිබියදී ඇතැම් වෙළඳුන් එම මිල ඉක්මවමින් සීනි අලෙවි කරනු ලබනවා.

එමෙන්ම වෙළදපළේ මේ වන විට සීනි හිගයක් ද පවතිනවා.

මේ අතර, සීනි ආනයනකරුවන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ, තවදුරටත් පාලන මිලට සතොසෙන් සහ සමුපකාරය මඟින් සීනි ලබාගත හැකි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles