Friday, April 26, 2024

ඉන්දියාවේ දරුණු තුන්වන රැල්ලක් එයිද?

ඉන්දියාවේ දරුණු කෝවිඩ් තුන්වන රැල්ලක් හටගැනීමෙි අවදානමක් නොමැති බව එරට විශේෂඥයන් පවසා තිබේ.

දිවාලි උත්සවය අවසන් වී සති තුනක් ගතවී ඇතත් තවමත් කොරෝනා අසාදිතයන්ගේ වැඩවීමක් සිදුව නොමැති හෙයින් , පසුගිය අප්‍රේල් ,මැයි මාසවල හටගත් දරැණු කොරෝනා රැල්ල තරම් තත්වයක් යළි හටගැනීමෙි අවදානමක් නොමැති බව එම විශේෂඥයෝ පවසති.

ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ ජනගහනය තුළ ප්‍රතිදේහ වර්ධනයවීමත් , ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමත් හේතුවෙන් යළි දරුණු කොරෝනා රැල්ලක් ඇතිවීමට පවතින හැකියාව අවම බවයි.

කෙසේවෙතත්, දෙසැම්බර් සහ පෙබරවාරි අතර කොරෝනා ආසාදිතයන් වැඩවීමක් සිදුවීමට ඉඩකඩ ඇතත්, එය ඉතා සුලු එකක් විය හැකි බව විශේෂඥ මතයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles