ශ්‍රී ලංකා – බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම් අතර එක්දින තරගාවලියක්

0
309

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම් අතර සීමිත පන්දුවාර තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ලබන 7 වනදා බංග්ලාදේශ කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර මෙම තරගාවලිය තුල ඔවුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමඟ එක්දින තරග 5කට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම සියලු තරග පැවැත්වෙන්නේ ජෛව බුබුලක් යටතේ පැවැත්වීමට නියමිතයි.

සංචාරක බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම් අතර එක්දින තරගාවලියේ පළමු තරගය ඔක්තෝම්බර් 15 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here