2021 IPL ශූරතාවය මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් පිලට

0
279

2021 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය හිමි කරගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ඒ අනුව ප්‍රතිවාදීන් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙවර අනු ශූරයන් බවට පත් විය.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවසන් මහා තරගයක් සඳහා අද පිටියට පිවිසියේ නව වැනි වරටයි.  

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් පිටියට පිවිසුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ ඇරයුම මත පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 192 ක් රැස් කළා.

පෆ් ඩු ප්ලෙසිස් පන්දු 59කින් වේගවත් ලකුණු 86ක් රැස් කළා. ඒ හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින්. මොයින් අලි නොදැවී ලකුණු 37යි.

පන්දු යැවීමේදී සුනිල් නරායින් කඩුලු 2ක් බිඳහෙලුවේ ලකුණු 26කදීයි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 165ක් පමණයි.

වෙන්කටේෂ් අයියර් ලකුණු 50ක් සහ ශුබ්මන් ගිල් ලකුණු 51ක් ලබාගත්තා.

පන්දු යැවීමේ දී ශාදුල් ඨාකුර් කොල්කටා ඉනිමේ කඩුලු 03ක් බිද දැමුවා.

මෙම ජයත් සමඟ  චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම IPL ශූරතාවයක පහස විඳගත්තේ සිව් වැනි වතාවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here