Thursday, May 2, 2024

පිහි ඇනුමකින් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු මරුට

බ්‍රිතාන්‍යයේ කෙන්සවේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඒමස් පිහි ඇනුමකට ලක්ව මියගොස් ඇතැයි වාර්තාවේ.

මරණයට පත් මන්ත්‍රීවරයා නැගෙනහිර එංගලත්යේ පිහිටි දේවස්ථානයකදී සිය ඡන්ද දායකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරදී මෙලෙස අවාසනාවන්ත ලෙස පිහි ඇනුමකට ලක්ව ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කරයි.

අදාල ඝාතනය සිදු කළ පුද්ගලයා විසින් මන්ත්‍රීවරයාට පිහි ඇණුම් කිහිපයක්ම සිදුකර ඇති බවට වර්තා වන අතර ප්‍රථමාධාර ලබාදීම සිදු කළද ඔහු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බවට සඳහන්ය.

ඊයේ (15) දහවල් මෙම ඝාතනය සිදු කොට ඇති අතර ප්‍රහාරයට සැකපිට 25 හැවරිදි පුද්ගලයෙකු මේවනවිටත් අත් අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය පොලිසිය සමත්ව ඇති බවත් ප්‍රහාරය එල්ල කළ පිහිය ද සොයා ගැනීමට සමත්ව ඇතිබවත් වෙනත් පුද්ගලයෙකු ප්‍රහාරයට සැක නොකරල බවද බීබීසී පුවත්සේවය වාර්තා කරයි.

පිහි පහරින් මරණට පත්වූ මන්ත්‍රීවරයා 1983 වර්ෂයේ සිට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර 2015 වර්ෂයේදී ඔහුගේ සමාජ සේවා කටයුතු වලට බ්‍රිතාන්‍යය මහ රැජින විසින් ඔහුට නයිට් පදවියක්ද ලබාදෙනු ලැබ තිබේ.

2016 වසරේදී ලේබර් පක්ෂ මන්ත්‍රී ජෝ කොක්ස්ගේ ඝාතනයෙන් පසු ගතවූ වසර 5 තුළදී ඝාතනය වූ දෙවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ, ශ්‍රීමත් ඩේවිඩ් බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

69 හැවිරිදි ශ්‍රීමත් ඩේවිඩ් අමෙස් දරුවන් පස් දෙනෙකුගේ පියෙකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles