ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ නව ආණ්ඩුකාර අබේඩින් කොරම් වේදිකාවක් මත සිටියදී එහි පැමිණි අයෙකු කනේ පහරක් එල්ල කරන අයුරැ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නව තනතුරට පත්වීමෙන් පසු ඔහු කළ පළමු කතාව අතරතුර එම සිද්ධිය ඇතිවී තිබේ. පහරදුන් පුද්ගලයා ඉරාන විප්ලවවාදී හමුදාවේ ජෙනරාල්වරයෙක් බව වාර්තා වෙන්නේ.
සිය බිරිඳට පිරිමි වෛද්‍යවරයෙකු ප්‍රතිකාර කිරීම හේතුවෙන් ඔහු උරණව සිට ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.