ශ්‍රී ලංකාව ICC ටෙස්ටි ශූරතාවලි දර්ශකයේ පළමු තැනට

0
357

බටහිර ඉන්දීය කොදෙව්පිලට එරෙහිව ලද පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියේ ප්‍රමුඛස්ථානයට පැමිණීමට සමත් වී තිබෙනවා. 2021 – 2023 ටෙස්ට් ශූරතාවලියයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මඟින් දැන් ආරම්භ කර ඇත්තේ. එහිදී ශ්‍රී ලංකාව සහභාගි වූ ටෙස්ට් තරග දෙකෙන් ම ජයග්‍රහණය කිරීම නිසා 100%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් සමඟ ටෙස්ට් ශූරතාවලි දර්ශකයේ ප්‍රමුඛස්ථානයේ රැඳී සිටිනවා. එහි දෙවන තැන පාකිස්ථානයට හිමි ව ඇති අතර, තුන් වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දියාවයි. අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ ශ්‍රී ලංකාවට හත් වැනි ස්ථානය හිමි ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here