Jaffna Kings පිට පිටම දෙවැනි වතාවටත් LPL කිරුළ දිනා ගනී

0
422

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග ජයගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) සමත් විය.

ඒ,භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත්කරමිනි.

අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා සමත් වූ අතර එහිදී ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 3ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 201 කි.

එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 63ක් රැස්කළ අතර ටොම් කෝලර්-කැඩ්මෝර් නොදැවී ලකුණු 57ක් රැස් කළේය.

පන්දු යැවිමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අමීර්, නුවන් තුෂාර සහ සමිත් පටෙල් එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ලකුණු 202ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.

එහිදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 54ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් රැස් කළේය.

පන්දු යැවිමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා කඩුලු 2ක බැගින් දවාගත්හ.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 201/3ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටරස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී රැස්කළ හැකිවූයේ ලකුණු 178/9 පමණි.

පසුගිය වර තරගාවලිය ආරම්භ කරමින් පැවැති තරගාවලියේදීද කිරුළ දිනා ගත්තේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කණ්ඩායමයි.

ජැෆ්නා කණ්ඩායම 201/3

අවිශ්ක ප්‍රනාන්දු 63 (පන්දු 41)

ටොම් කැඩ්මෝර් 57* (පන්දු 41)

සමිට් පටෙල් 32/1

ගෝල් කණ්ඩායම 178/9

ධනුෂ්ක ගුණතිලක 54 (පන්දු 21)

කුසල් මෙන්ඩිස් 39 (පන්දු 28)

චතුරංගද සිල්වා 15/2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here