19 න් පහළ ආසියානු කුසලානය ඉන්දියාව දිනාගනී

0
479

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ ඉන්දියාව සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33කදී කඩුලු 07ක් දැවී ලකුණු 74ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර තරගය කණ්ඩායම් දෙකටම පන්දුවාර 38 බැගින් සීමා කිරීමට තරග තීරකයෝ පියවර ගත්හ.

නැවත පන්දුවට පහරදීම ආරම්භ කළ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 38ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 106ක් ලබා ගැනීමට සමත් වුණි.

ඉන්දීය කණ්ඩායමට ලකුණු 99ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් මීට ටික වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 104ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here