ඔිස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන්ට.උපනායකත්වය අසලංකට

0
602

ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 05 කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ඊට ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත් වන බවයි.

කණ්ඩායමේ උප නායකත්වය චරිත් අසලංකට හිමිව ඇත.

මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේද අනුමැතිය ලැබී තිබේ.

ලබන 11 වනදා සිට ආරම්භ වන මෙම තරගාවලිය සිඩ්නි – කැන්බරා සහ මෙල්බන් නගරවලදීයි පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නයක මහතා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

පසුගිය සිම්බාබ්වේ තරගාවලියේදීද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ උපදෙස් මත රුමේෂ් රත්නායක මහතා යළිත් තාවකාලික පුහුණුකරු වශයෙන් පත්කර තිබේ.

කෙසේ වෙතත් ඔහු මේ වන විට කොවිඩ් ආසාදිතව සිටීම හේතුවෙන් කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාවට ගමන් නොකරන බවත් පළමු තරගය ආරම්භවීමට මත්තෙන් කණ්ඩායම සමග එක්වීමට නියමිත බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here