IPL වෙන්දේසියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ වටිනාකම් මෙන්න

0
426


මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 බැංගලූර් හිදී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා ක්‍රීඩකයන් 590 දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සඳහා එක්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 23 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ද මේ වනවිට සමාජ මාධ්‍ය හුවමාරු වෙමින් පවතිනවා.

එහි වැඩිම ආරම්භක වෙන්දේසි වටිනාකමක් සහිත ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ ශ්‍රී ලංකා විස්සයි විස්ස සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගයි.

ඔහුගේ ආරම්භක වෙන්දේසි වටිනාකම ලෙස සටහන් කර ඇත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ 100ක් ලෙසටයි.

මේ අතර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ නමද ඇතුලත් වීම විශේෂත්වයක්.

සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ ආරම්භක වෙන්දේසි වටිනාකම් පහත පරිදි වනවා.

  • වනිඳු හසරංග – ඉන්දියානු රුපියල් ලක්ෂ 100යි.
  • මහීෂ් තීක්ෂණ – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • දුෂ්මන්ත චමීර – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • චරිත අසලංක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • කුසල් මෙන්ඩිස් – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • කුසල් පෙරේරා – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • නිරෝෂන් දික්වැල්ල – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • අකිල ධනංජය – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • භානුක රාජපක්ෂ – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • පැතුම් නිස්සංක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • මතීෂ පතිරණ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.
  • අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • දසුන් ශානක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • චාමික කරුණාරත්න – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • ලහිරු කුමාර – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • කෙවින් කොත්තිගොඩ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.
  • තිසර පෙරේරා – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • ඉසුරු උදාන – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • ධනුෂ්ක ගුණතිලක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • නුවන් තුෂාර – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.
  • සීක්කුගේ ප්‍රසන්න – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • ධනංජය ලක්ෂාන් – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
  • දුනිත් වෙල්ලාලගේ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here