ICC යෙන් පැතුම් නිස්සංකට අවවාද !
ශ්‍රී ලංකා පිලටත් දඩ මුදලක්

0
539

ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවන විස්සයි20 තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර නියමිත වේලාවට නොයැවීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් නියම කර තිබෙනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියාවට එරෙහි නිමාවූ දෙවනි T20 තරගයෙදී අසභ්‍ය වචන භාවිතා කර ICC නීති සංග්‍රහයේ 2.3 වගන්තිය කඩ කිරීමක් සම්බන්දයෙන් පැතුම් නිස්සංක හට ජගත් ක්‍රිකට් කවුන්සිලය අවවාද කර ඇත.

මීට අමතරව ඔහුගේ විනය වාර්තාවට අප්‍රසාද ලකුණුක් ද එක්කර තිබෙනවා.

පැතුම් නිශ්ශංක පන්ඳුවට පහර දෙමින් සිටියදී ඔහු එල්ල කළ පහරක් වැරදි යාමෙන් පසු ඔහු විසින් දක්වන ලද වාචික ප්‍රතිචාරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල චර්යා ධර්ම පද්ධතියේ වගන්ති උල්ලංඝණය කර ඇති බව තහවුරුවී ඇත.

නායක දසුන් ශානක හා පැතුම් නිස්සංක තම වැරදි පිළිගෙන ඇති බැවින් වැඩිදුර විභාගයක් අවශ්‍ය නොවන බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here