දිමුත්ට ICC ශ්‍රේණිගත කිරීම් වල 5 වෙනි තැනට එයි

0
1056

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ස්ථාන 3ක් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා.

ඒ් ඉන්දියාවට එරෙහිව දෙවන ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කරමින් දැක්වූ දක්ෂතා හේතුවෙනි.

ඒ් අනුව දිමුත් කරුණාරත්න මේ වන වන විට ටෙස්ට් පිතිකරණ ‍ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පසුවන්නේ 5 වන ස්ථානයේයි.

පසුගියදා නිමාවට පත් වූ ඉන්දියා – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් නවතම MRF, ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට හැකිවිය.

ඔහු බැංගලෝර්හිදී දෙවැනි ඉනිමේදී ලකුණු 107ක් රැස්කරමින් තරග දිවියේ හොඳම අංක 5 ස්ථානය දක්වා ඉහළට පැමිනියේය. විරාට් කෝලි 9 වැනි ස්ථානයේත්, පාකිස්තාන නායක බාබර් අසාම් 8වැනියාටත්, මාර්නස් ලැබුස්චේන්, ජෝ රූට්, ස්ටීව් ස්මිත් සහ කේන් විලියම්සන් පිලිවෙලින් දෙවන ස්ථානයටත් පත්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here