MS DHONI…. නැවතත්….

0
562

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ඊයේ (23)පැවැති තරගයෙදි ලකුණු 15ක ජය ලබාගත් චෙන්නායි සුපර්  කිංග්ස් අවසන්
අයි.පි.එල්. මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

අයි.පි.එල්. ඉතිහාසයේ අවසන් මහාතරගයකට චෙන්නායි පිල මෙවර සුදුසුකම් ලබා ගත්තේ 10 වන වරටයි.

මීට පෙර අවසන් තරග 09 කට පැමිණ 4 වතාවක් අයි.පි.එල් ශුරතාවට චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායම මහේන්ද්‍ර සිං දොා්නි ගේ නායකත්වයෙන් හිමිකම් පා තිබිණි..

ඊ⁣යේ පැවති තරගයේදි පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිල සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07කට ලකුණු 172 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දැවි ලකුණු 157ක් පමණක් ලබා ගත්තේය.

ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් දසුන් ශානක පන්දු 16කදි ලකුණු 17ක් රැස් කළ අතර, ඊට එක් හයේ පහරක් සහ හතරේ පහරක් අන්තර්ගත විය.

පන්දු යැවිමේදි චෙන්නායි පිලේ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ, රවින්ද්‍ර ජඩේජා සහ දීපක් චහාර් කඩුලු 02 බැගින්  ලබාගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here