Thursday, May 2, 2024

අද සිට විදෙස් ගමන් බලපත්‍ර ගන්න අයට විශේෂ පණිවුඩයක්..

දිනයක් සහ වේලාවක් වෙන්කරගත් පුද්ගලයන්ට පමණක් අද (27) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා අද (26) පස්වරුවේ පැවසීය.

රට තුළ පැතිර යමින් තිබෙන ‘කොවිඩ්’ තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බවත් හදිසියේ විදේශගත වන පුද්ගලයන් සඳහා විශේෂ එක්දින සේවාවක් ක්‍රියාත්මක වන බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා කීය.

එම හදිසි අවශ්‍යතාව සනාථ කරන ලියකියවිලි 0706311711 දුරකථනය ඔස්සේ යොමු කළ පසු ඔවුන්ට අයදුම්පත් භාරදීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන බව ද පාලක ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles