Saturday, April 27, 2024

දේශසීමා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය අතර ආරවුල්

පකිස්තානයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිවිල් ජනතාව ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා දේශසීමාව දෙපස පැතිරයාම හේතුවෙන් දෙපාර්ශය අතර දැඩි නොසන්සුන්තාවයක් මතුව ඇති බව වාර්තා වේ.

පසුගිය කාලයේ සාමාන්‍ය ජන ජීවිතයට හානි සිදුකරමින් ඇති වූ පිපිරීම්වලට තමන් වගකිව යුතු බව පිළිගැනීමට දෙපාර්ශ්වයම අපොහොසත් වී ඇති බව පැවසේ.

ඉස්ලාමාබාද්හි විදේශ අමාත්‍යංශ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ පාකිස්ථාන-ඇෆ්ගන් දේශසීමා කලාපය සුරක්ෂිත කිරීම සඳහා පාකිස්ථානය පසුගිය මාස කිහිපය තුළ ඇෆ්ගන් රජයෙන් නැවත නැවතත් ඉල්ලා සිටි බවයි.

ඇෆ්ගනිස්ථානයේ කාබුල්, මසාර්-ඊ-ෂරීෆ් සහ අනෙකුත් ස්ථානවල ඉස්ලාමීය කොරාසාන් රාජ්‍ය ( IS-K,) ප්‍රචණ්ඩත්වය ආරම්භ කර ඇති අතර පාකිස්ථානයේ ඝාතන වැඩි කිරීම සඳහා පකිස්ථානයේ ම කැරලිකරුවන් වන Tehreek-e-Taliban Pakistan (TTP) කටයුතු කරන බව ඩෝන් පුවත්පත වාර්තා කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ වැඩබලන අගමැති මුල්ලාහ් මොහොමඩ් හසාන් පැවසූයේ ඉස්ලාමාබාද් සඳහා ගැටළු ඇති කළ හැකි කිසිදු බලවේගයකට ඔවුන් රැකවරණය ලබා නොදෙන බවත්, TTP සමඟ ගනුදෙනු කිරීම පාකිස්තානයේ අභයන්තර කාරණයක් බවත්ය.

මේ අතර ත්‍රස්තවාදීන් පාකිස්තානයට එරෙහිව ඇෆ්ගනිස්ථාන භූමිය භාවිතා කරන බවට පාකිස්තානයේ චෝදනාව ඇෆ්ගනිස්තානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles