Friday, May 17, 2024

බරපතළ ප්‍රහාරයක් ගැන ආසියානු රටවල් රැසකින් චීනයට චෝදනා.

චීනය කේන්ද්‍ර කරගත් සයිබර් ආක්‍රමණිකයන් විසින් තම රටවල් වෙත දරුණු ලෙස සයිබර් ප්‍රහාර එල්ල කරන බවට ආසියානු රටවල් රැසකින් චෝදනා එල්ල වී තිබේ.

තායිලන්තය ,මලයාසියාව ,වියට්නාමය ,ඉන්දුනීසියාව, පිලිපීනය ,කාම්බෝජය, ලාඕසය යන රටවල් විසින් මෙම චෝදනා එල්ල කිරීම සිදුකර ඇත.

තායිලන්තය අග්‍රාමාත්‍ය කාර්යාලය ,තායිලන්ත යුද හමුදාව, ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ නාවික හමුදා ,වියට්නාම් පාර්ලිමේන්තුව ,මලයාසියානු ආරක්ෂක අමාත්‍යාංශය ආදි ආයතනවලට සම්බන්ධ වෙබ් අඩවි සහ පරිගණක පද්ධති මෙම සයිබර් ප්‍රහාරයකයන්ගේ ගොදුරු බවට පත්ව තිබේ.

මෙම තත්වය වැළැක්වීමට පියවර ගන්නා ලෙස පසුගිය දිනවල ආසියාන් රටවල නායකයන් චීන නායකත්වය වෙත අවධාරණය කර තිබිණ.

එම ප්‍රහාර වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා බව චීන නායකත්වය විසින් එහිදී පොරොන්දු වී ඇතත් තවමත් ඊට අදාළ විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට ආසියාන් රටවල් චෝදනා නගයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles