Saturday, April 27, 2024

ධනුෂ්කට ඇපත් නැති වෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී ඊයේ (05) එරට පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර රෝස් බේ හි නිවසක දී 29 හැවිරිදි තරුණියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව ඇතුළු තවත් ලිංගික චෝදනා 04කට එරට පොලිසිය විසින් සසෙක්ස් වීදියේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහුව (06) අද Sydney City පොලිසිය විසින් පැරමැට්ටා අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණී.

එහිදි චෝදනා සම්බන්ධයෙන් සලකා බැලූ විනිසුරුවරයා සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර DATE APP හරහා මිතුරු වෙමින් දින කිහිපයක සිට දුරකතන සංවාදයේ යෙදීමෙන් අනතුරුවයි සිද්ධියට භාජනය වු තැනැත්තියව ධනුෂ්ක ගුණතිලක හමු වී ඇත්තේ.

එහිදි සැකකරු විසින් මෙම තරුණියට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කර ඇති බවට ඇය විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර මේ වනවිට ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියානු රාජ්‍ය අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර පොලිස් ප්‍රදේශ විධානයේ රහස් පරීක්ෂකයින් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles