Saturday, April 27, 2024

පකිස්තාන පාලන‍ය යටතේ ඇති කාශ්මීරයේ විරෝධතා

පාකිස්තාන පාලනය යටතේ ඇති කාශ්මීරයේ ව්‍යවස්ථාමය තත්ත්වය නිවැරදි කිරීම සඳහා 15 වන සංශෝධනය ගෙන ඒමේ පාකිස්තාන රජයේ සැලැස්මට දැඩි ලෙස විරෝධය පළ කරමින් ජම්මු සහ කාශ්මීරයේ දිස්ත්‍රික්ක 10 ම දැවැන්ත විරෝධතා සහ මහජන රැස්වම් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

පකිස්තාන පාලනය යටතේ ඇති කාශ්මීරය යනු යනු ජනාධිපති, අගමැති සහ නිල ධජය සහිත ස්වයං පාලන රාජ්‍යයකි.

ඉස්ලාමාබාද් විසින් කලාපය පාලනය කරන්නේ කාශ්මීර කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශය සහ පාකිස්තානයේ අගමැතිගේ ප්‍රධානත්වයෙන් තේරී පත් වූ කාශ්මීර කවුන්සිලය හරහා ය.

2018 ජූනි මාසයේදී, 13 වන සංශෝධනය මගින් කාශ්මීර සභාවට නීති පැනවීමට සහ ආයතනික බදු හැර බදු එකතු කිරීමට බලය ලබා දී ඇත.

නමුත් කාශ්මීරයෙහි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තෝරා ගැනීමේ බලය, එහි ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සහ හදිසි ප්‍රතිපාදන අග්‍රාමාත්‍යවරයාට ඉතිරි කර ඇත.

නව නීති කෙටුම්පත් අනුමත වුවහොත්, ඉස්ලාමාබාද් අනුමැතියකින් තොරව ප්‍රධාන දේශපාලන හා ආර්ථික තීරණ ගැනීමට ප්‍රාදේශීය නීති සම්පාදකයින්ට බලය ලබා දී තිබූ 13 වන සංශෝධනය ආපසු හරවනු ඇති බව පැවසේ.

15 වැනි සංශෝධනය පසුගිය වසර 75 තුළ කලාපයේ (අසාද් කාශ්මීරයේ) ව්‍යවස්ථාමය තත්ත්වය තීරණය කිරීමේ 24 වැනි උත්සාහයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles