Friday, April 26, 2024

ඉන්දියා-චීන දේශසීමාවේ තත්ත්වය සමනයට ඉන්දියාව දරන උත්සාහයට ඇමරිකාවේ සහාය

ඉන්දියා-චීන දේශසීමාවේ සැබෑ පාලන රේඛාව දිගේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, චීනය අඛණ්ඩව හමුදා රැස් කිරීම සහ සැබෑ පාලන රේඛාව දිගේ මිලිටරි යටිතල පහසුකම් ගොඩනැගීම සිදුකරන බවත් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෙනරාල් පැට් රයිඩර් ප්‍රකාශ කළේ, චීනය වර්ධනය වෙමින් පවතින අතර ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද සහචරයින් සහ හවුල්කරුවන් වෙත යොමු වූ ක්ෂේත්‍රවල ක්‍රියාශීලී වී සිටින බවයි.

අරුණාචල් ප්‍රදේශ්හි ටවාන්ග්හි දෙසැම්බර් 9 වනදා ඉන්දීය සහ චීන හමුදා අතර ඇති වූ ගැටුමත්, “ඉන්දියා-චීන දේශසීමාවේ සැබෑ පාලන රේඛාවේ වර්ධනයනුත් ආරක්ෂක දෙපාර්තමේන්තුව දිගින් දිගටම සමීපව නිරීක්ෂණය කරන බව ද ඔහු පැවසීය.

එක්සත් ජනපද හවුල්කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන කැපවීම තුළ ඇමරිකාව නොසැලී සිටින බවත් පවතින තත්ත්වය උත්සන්න නොවීමට ඉන්දියාව දරන උත්සාහයට ඇමරිකාව පූර්ණ සහයෝගය දෙන බවත් රයිඩර් සදහන් කළේය.

ඉන්දීය ආරක්‍ෂක අමාත්‍ය රාජ්නාත් සිං පසුගියදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, ඒකපාර්ශ්විකව පවතින තත්ත්වය වෙනස් කිරීමට චීන හමුදා අරුණාචල් ප්‍රදේශ්හි ටවාන්ග් යැංට්සේ හිදී සැබෑ පාලන රේඛාව උල්ලංඝනය කිරීමට උත්සාහ කළ නමුත් චීන පාර්ශවයට පසුබැසීමට තරම් ප්‍රතිචාරයක් ලබා දුන් බවයි.

මුහුණට මුහුණ පෑම නිසා දෙපාර්ශ්වයේම කිහිප දෙනෙකුට තුවාල සිදු වූ නමුත් ඉන්දියානු සොල්දාදුවන්ට මරණ හෝ බරපතල තුවාල සිදුවී නොමැති බව ද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles